Silumina Seya

Silumina Seya is a significant, ruined ancient Buddhist monastery and stupa in Aralaganwila, Polonnaruwa District, Sri Lanka.

ආරාමය සදහා දානය දීම

දාන අඩුපාඩු සහිත දිනවලට අපෙන් දානයක්

දෙස් විදෙස් සැමට සේනාසනයට දානයක් දීමට අවස්ථාව පවතී

 

මාසික /වාර්ෂික දාන

ඓතිහාසික සිළුමිණිසෑය භාවනා වන සෙනසුනෙහි පිංවත් ස්වාමින් වහන්සේලා හා භාවනායෝගීන් උදෙසා මාසිකව හෝ වාර්ෂිකව පැමිණ හෝ නොපැමිණ දානය පුජා කර ගැනීමට අවස්ථාව … 

පැමිණෙනවා නම් වැඩසටහන් විස්තර ය…

නියමිත දිනට පෙර දින සවස 5 ට පෙර සේනාසනයට පැමිණීම

එදින සවස 5:30 ට සිළුමිණිසෑ චෛත්‍යය රාජයාණන් වහන්සේ උදෙසා සවස ගිලන්පස පූජාව සමගින් පිරිත් සජ්ජායනය

සවස 7:00 ට පින්වත් ස්වාමීන් වහන්සේලාට ගිලන්පස පූජාව

රාත්‍රී  8 ට ඔබ වෙනුවෙන් භාවනාවක් ,ධර්ම දේශනාවක් , අභිධර්ම සාකච්ඡාවක් සිදුකරගත හැකිය .

උදේ 5:30 ට කැද පූජා කර ගැනීම

7:00 ට මීපැණි විළඳ  සහිත කිරි ආහාර පූජාව චෛත්‍ය උදෙසා හා සිව් බුදු රජාණන් වහන්සේලා උදෙසා

7:45 ට උදේ හීල් දානය පූජා කිරීම

11:00 ට භාග්‍යවතුන් වහන්සේ සහ අගසව් දෙනම උදෙසා දහවල් පුජාව

11:30 ට පිංවත්   මහා සංඝයා උදෙසා සාංඝික දානය .

පැමිණීමට නොහැකි දෙස් විදේස් අය සදහා

එක් දාන වේලක් සඳහා උදේ දවල් වේල් දෙකක් ද ගිලන්පස වේල් දෙකක් ද පවතින අතර ස්වාමින් වහන්සේලා 10  නමකට ආසන්නව හා  පිරිස 15 කට පමණ දානය සකස් කරනු ලබයි . 

ඓතිහාසික සිළුමිණිසෑ චෛත්‍ය රාජයාණන් වහන්සේට හා සිව් භාග්‍යවතුන් වහන්සේලා උදෙසා ආහාර පුජාව, සාරිපුත්ත මහ රහතන් වහන්සේට හා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේට  ජීවමාන සෙයියාවෙන් හා කැපසරුප් ආකාරයෙන් දානය සකසා මැනවින් පූජා කරන අතර , දානය සාංඝික කර, පැන් වඩා පින් අනුමෝදන් කරනු ලබන අසිරිමත් පිංකම දැකබලා සතුටු වීම සඳහා සියල්ල  ෆොටෝ හා වීඩියෝ මගින් ඔබට දැක බලා ගැනීමට  අවස්ථාව සලසා දෙනු ලබයි .

දානය බාරගත් දින සවස අප මහා භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත්, දුටුගැමුණු මහ රජතුමා විසින් ඉදිකළ, රහතන් වහන්සේලා වැඩ සිටි සිළුමිණිසෑය පින්බිමේ පින්වත් ඔබගේ විශේෂ අරමුණු වෙනුවෙන් ආශීර්වාද පතා අධිෂ්ඨාන ඖෂධ ගිලන්පස පූජාවක් පවත්වන අතර එය සජීවීව නැරඹීමට ද අවස්ථාව ලබා දෙනු ලබයි.

සාදූ සාදූ සාදූ පතන්නාවු නිවන බොහෝ දුර නොවේවා!

වාර්ෂික දානයක් දීම සදහා

භාවනායෝගී පිණ්ඩපාතික පිංවත් ස්වාමීන් වහන්සේලාට  වාර්ෂිකව දානය දීමට අවස්ථාව පවතී

සිළුමිණි සෑයේ පිංවත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දාන අඩුපාඩු ඇති දවසක දාන වේලක් භාර ගැනීමට අවස්ථාව පවතී

විශේෂ දානයක් දීම සදහා

විශේෂ අවස්ථා වෙනුවෙන් ඔබට කැමති දවසක් වෙන් කරවා පිංකම් සිදු කර ගැනීමට අවස්ථාව පවතී

කිරි ආහාර දාන පුජාවක් දීම

පොහෝදා සෑයට සිදු කරන කිරිආහාර පුජාවක් භාර ගැනීමට අවස්ථාව 

සිල් දානයක් ලබා දීම සදහා

පොහෝදා දිනෙක සිල් සමාදන් වන අයට දානයක් දීමට අවස්ථාව

භාවනා නැඩසටහනකට දානයක්දීම සදහා

විශේෂ භාවනා වැඩසටහන් පවත් වන දිනට දාන වේලක් පුජා කර ගැනීමට අවස්ථාව

පරිත්‍යාග හා පුණ්‍යකටයුතු

ස්වාමින් වහන්සේලාගේ සිව්පසය වෙනුවෙන් දායකවීමට අවස්ථාව.

Special program for Nirvana

සිළුමිණි සෑයේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේ විසින් මෙහෙය වනු ලබන විඩීයෝ සහිත නිවන් මග මුල මැද අග

From us to you

සේනාසනය මගින් පිංවත් ඔබට ලබාගත හැකි සේවාවන් ගැන දැනුවත් වීමට

දේශීය හා විදේශීය සැමට දාන වේලක් පුජා කර ගැනීමට අවස්ථාව

ධර්මධර විනයධර පිංවත් යෝගාවචර ස්වාමීන් වහන්සේලාට හා අනිකුත් අයට දාන වේලක් පුජා කර ගැනීමට පැමිණ හෝ නොපැමිණ අවස්ථාව සලසා දී ඇත.