Silumina Seya

Silumina Seya is a significant, ruined ancient Buddhist monastery and stupa in Aralaganwila, Polonnaruwa District, Sri Lanka.

සිළුමිණි සෑය භාවනා වන සෙනසුන

සිළුමිණි සෑය මෙතරම් විශේෂ වන්නේ ඇයි?

දන් දෙන්න. සිල් රක්න්න. භාවනා කරන්න. ධර්මය සාකච්ඡා කරන්න ඔබත් එන්න.

සිළුමිණි සෑයේ විශේෂත්වයන්

ඔබත් දවසක එන්න

ඉතිසාහය

🍁ඉතිහාසය ජනප්‍රවාද වලට අනුව අනුරාධපුර යුගයේ පහළ වූ වීර වික්‍රම නරේන්ද්‍ර ගැමුණු අභය රජු හෙවත් දුටුගැමුණු රජතුමා දිගාමඩුල්ලේ සිට අනුරාධපුර විජිතපුර සටන බලා යන අතරතුර මෙම ස්ථානයේදී ගිමන් හැර තිබේ. ගිමන් හැර රජු නැගිටින අවස්ථාවේදී රජුගේ සළුව සමග ගෙල බැඳි වස්ත්‍රාභරණ කඩා වැටී ඇති අතර එකල සිටි රහතන් වහන්සේලාගේ අදහස් මත පසුව රජතුමා මෙම ස්ථානයේ භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් ස්තූපයක් සකස්කර තිබේ. එලෙස ඉදිකළ ස්තූපය සළුමිණි සෑය බවත්, පසුව සිළුමිණ සෑය වූ බවත් ජනප්‍රවාද තුළ පවතී. හත් වන අග්බෝ රජතුමා මෙම ස්ථානයට පැමිණ ගරාවැටුණු චෛත්‍ය දැක නැවත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ බව පුරාවිද්‍යාව තහවුරු කර ඇත.

සිළුමිණි සෑයේ විශේෂත්වයන්

ඔබත් දවසක එන්න

🌿 භාවනා වැඩසටහන් කරන සිළුමිණි සෑය මෙතරම් සුවිශේෂී ඇයි ?. .

#. දන් දෙන්නේ ඇයි?. නිවන් දකින්න. සිල් රකින්නේ ඇයි?. නිවන් දකින්න. භාවනා කරන්නේ ඇයි?. නිවන් දකින්න. ඒත් ඒ නිවන කියන්නේ මොකක් ද, කොයි වගේ දෙයක් ද කියලා දන්නේ නැතුවම හැමෝම මැරිලා යනවා නේද?. මෙතන ඒක ගැන කියලා දෙන තැනක් විතරක්ම නෙවෙයි. ඒක අවබෝධ කර ගැනීමට උපකාර කරන තැනක් වීම.

#. ධර්මය අවබෝධ වන තාක් කල් ඔබ දන්නා බුදු දහම නොදුටු දහමක්මයි. එකී නොදුටු දහම දුටු දහම බවට ප්‍රත්‍යක්ෂ කරන තැනක් වීම.

#. පර්‍යංක භාවනා, සක්මන් භාවනා කියා දෙන තැනකට වඩා කරන තැනක් වීම.

#. අතීත විපාකයන් දකිමින් අනාගතයට නව කර්ම විපාකයන් සකස් නොවන අයුරින් වර්තමානය තුළ සිත පිහිටුවා ගන්නා ක්‍රමය කියා දෙන තැනක් වීම.

#. භාවනා කරන අයට නීති රීති කිසිවක් නොමැති නිදහස් තැනක් වීම.

#. භාවනාවටම සුදුසු රමණීය පරිසරයක් හිමි ස්ථානයක් වීම.

#. අවශ්‍ය වෙලාවට උණු වතුර, දානය, ගිලන් පස, කැද, ආදිය ලැබෙන තැනක් වීම.

#. රාත්‍රී කාලයේ විදුලිය, ආරක්ෂාව, නවාතැන් පහසුකම් පවතින තැනක් වීම.

#. අසනීප, විවිද අවශ්‍යතා , කුමක්දැයි සොයා බලමින් සියල්ල සංවිදානය කර ස්වාදීනව උපකාර කරන උපස්ථායිකයින් සිටින තැනක් වීම.

#. ඔබෙන් යම් කිසි දෙයක් පිළිබද පූර්වයෙන් හා වැඩසටහනින් පසුව ද බලාපොරොත්තු නොවන තැනක් වීම. (ආධ්‍යාත්මික දියුණුව හැර)

#. කිසිදු මෙහෙයවන්නන් , අණ ලබා දෙන්නන්, නායකයින් කණ්ඩායමේ නොමැති බැවින් සිය අභිමතය පරිදි ස්වාමින් වහන්සේ කියා දෙන කමටහන් වැඩීමට පහසු තැනක් වීම.
#.අවශ්‍ය ඕනෑම ගැටලුවක් ඕනෑම මොහොතක අසා විමසා හිතේ ගැටලු නිදහස් කර ගත හැකි තැනක් වීම.

#. දන් දෙන අයට දන් දෙන්නටත්, සිල් රකින අයට සිල් රැකීමටත්, භාවනා කරන අයට භාවනා කිරීමටත්, උපස්ථානය කරන අයට එය කිරීමටත්, ධර්ම සාකච්ඡා, වන්දනා, පිරිත්, සත්‍යක්‍රියාවන් ආදී බොහෝ දෑ සිදු කර ගත හැකි තැනක් වීම.

#. පිංවත් ඔබේ සිතැඟි පරිදි ස්වාමීන් වහන්සේලා උදෙසා දානය, චෛත්‍යය  රාජයාණන් වහන්සේ උදෙසා සහ සිව් බුදු රජාණන් වහන්සේලා උදෙසා විලද මී පිඩු සමගින් කිරි ආහාර පූජාවන්, විශේෂ ආසිර්වාදාත්මක පුජාව ඇතුළු බෝහෝ දෑ නිදහසේ කර ගත හැකි වීම.

දන්දෙන්න සිල් රකින්න භාවනා කරන්න පිංවත් ඔබත් පැමිණෙන්න.

සිළුමිණි සෑයේ විශේෂත්වයන්

ඔබත් දවසක එන්න

🌿 මායාවෙන් මිදී සම්මා දිට්ඨිය කරා ..

සුනීත සෝපාක විශාඛාවන් වැනි කුඩා දරුවන් අවුරුදු හතක් වැනි ඉතා කුඩා කාලයකදී සෝවාන් වී මාර්ගඵල අවබෝධ කළේ වේ නම් ඇයි අපට තාම බැරි?.

සතර පද ගාථාවක් මාස හතරක් ගොස් පාඩම් නොසිටි චුල්ලපන්ථක හිමියන් සුදු රෙදි කඩක් ලබා ඒ තුළින්  ධර්මය අවබෝධ කළේ වී නම් එහි පවතින සත්‍යය කුමක්ද?. එසේ වූයේ කෙසේද?.

දාරුචීරිය ඉතා කෙටි කලකදී ඇසූ ඉතා කෙටි දහම් අවවාදයෙන් රහත් වේ නම් එහි පවතින සත්‍ය කුමක්ද ?. එසේ රහත් විය හැකිද ?.

පටාචාරා කකුල සෝදන විට රහත් වූයේ නම් එසේ කිරීමෙන් අපටත් ධර්මය අවබෝධ වේවි ද ?. ඇයට කුමක් අවබෝධ වී රහත් වේද ?.එම ක්‍රමයටම අපටත් රහත් විය නොහැකිද ?.

බුදුන් වහන්සේත් මැවූ දිව්‍ය රූප දෙක දැක  රූපනන්දා  ධර්මය අවබෝධ කළේ කෙසේද ?.

සතර සතිපට්ඨානය, ත්‍රිලක්ෂණය, පටිච්ඡ සමුප්පාදය, චතුරාර්ය සත්‍යය තමා තුළින් දකින්නේ කෙසේද ?.

මාර්ගඵල අවබෝධය පිණිස කුමක් කළ යුතුද?.

ඔබට  චතුරාර්ය සත්‍යය පටිච්ඡ සමුප්පාදය ආදී දහම් කරුණු ගැන දැන ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඕනෑ තරම් ධර්ම දේශනා සොයා ගත හැකියි. ඒ සඳහා ඕනෑ තරම් පොත් පත් ද සොයා ගත හැකියි.

දැනුමෙන් වැඩක් නැත. අවශ්‍ය වනුයේ අවබෝධයයි. එම අවබෝධයක් සමඟ චතුරාර්ය සත්‍යය පටිච්ඡ සමුප්පාදය ත්‍රිලක්ෂණය තමා තුළින් අවබෝධ කර ගන්නා අයුරු මෙම වැඩසටහන් ඔබට ප්‍රත්‍යක්ෂ කර ගත හැකියි.

භාවනා වැඩසටහනකට සාර්ථකව සම්බන්ධ වීම මත සියල්ලසිදුවන අයුරුත්, එය නතර කරන අයුරුත්, මනාව ඔබට අවබෝධ කර ගත හැකිය .

එසේ අවබෝධ වීමෙන් පසු කළ යුත්තේ එය නතර කිරීම සඳහා වීර්යය වැඩීම යි. සිත ශුන්‍යතාවයට පත් වී යළි නූපදින තැනට කරුණු සකස් කර ගැනීමට  සැමට හැකියාව ලැබේවා.

භාවනා වැඩසටහනින් පසු කවර දෙයක් සිදුවූවත්  සතුටින් නිදහසේ සිටින්නට හැකි හැකියාව ලැබෙන අතර  සියලු සත වෙත අප්‍රමාණ කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුතුව හේතු හා ඵල දකිමින් ජීවිතයේ අවසානය දක්වා  ජීවිත යාත්‍රාව පවතින අයුරු ඔබට ම අවබෝධ වේවි …

උතුම් ධර්මාවබෝධය පිණිස මේ සියල්ල උපකාර වේවා…

සතර සතිපට්ඨානය කර්මය  පුනර්භවය ත්‍රිලක්ෂණය  චතුරාර්ය සත්‍ය  පටිච්ච සමුප්පාදය ආදී දහම් කරුණු සමගින්  අභිධර්මය , භාවනා ,ධර්ම සාකච්ඡා  බොහෝ දෑ සිදු වන අතර තුනුරුවන් උදෙසා උපස්ථාන වතාවත් ආදී‍ය සිදුකර ජීවිතේ මෙතෙක් නොවින්ද අත්දැකීම් සහ කුසල් රාශියක් උත්පාදනය කර ගැනීමට පින්වත් ඔබට අවස්ථාව.

සිළුමිණි සෑයේ විශේෂත්වයන්

ඔබත් දවසක එන්න

🌿 කර්ම චක්‍රයෙන් ධර්ම චක්‍රයට

අපි හැමෝටම උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ කෙසේ වුවත්  විසඳාගත නොහැකි ප්‍රශ්න ටිකකුත් ඒ ජීවිතය තුළ තියෙනවා. 

ඇයි මම ඉපදුනේ ?.

මගේ කිසිම විචාරයකින් හෝ අනුදැනුමකින් තොරව මේ ශරීරය, මේ ස්ත්‍රී පුරුෂ බව, මේ පෙනුම, මේ කටහඬ, මේ උස මහත මට ලබා දුන්නේ කවුද?.

ඇයි මම මීට වඩා සැපවත් තැනක ඉපදුනේ නැත්තේ?.

කුසගින්න සාපිපාසාව මළමුත්‍රා ලේ ගමනාගමනය හුස්ම ගැනීම පෙනහළු වකුගඩු මෙවැනි ක්‍රියාකාරිත්වයන් කුමකටද?.

මාව ජීවත් කරවන්න සූර්යයා හැදිලා, එයින් ගස්වැල් හැදිලා, ගස් වැල් වලින් ඔක්සිජන් දීලා, ඒව ගන්න නහයක් පෙනහලු හදවත් දීලා,  ජීවත්වෙන්න මහ පොළවත් දීලා, මහා දුක් කන්දරාවක් විඳින්න තරම් මේ සියල්ල හදලා උපද්දවන්න තරම්  උවමනාවක් කාටද තියෙන්නේ?.

මේ සියල්ල දෙවියන් වහන්සේගේ නිර්මාණයක් නම් ලෙඩ දුක් රහිත මීට වඩා යහපත් සැප සහිත ලෝකයක් නිර්මාණය කරන්නට නොතිබුණා නොවේ ද?.

මරණින් මතු සත්‍යවශයෙන්  දිව්‍ය ලෝක අපාය තියෙනවද?.

නැතිනම් මරණින් මතු කුමක් සිදුවේද?.

චතුරාර්ය සත්‍යය ධර්මය තමා තුලින් දකින්න එකතු වන්න .

දන් දෙන්න. සිල් රක්න්න. භාවනා කරන්න. ධර්මය සාකච්ඡා කරන්න ඔබත් එන්න.

ක්‍රමය දැනගෙන නිදහසු වනු පිණිස මරණයට පෙර නිවනට

Giving alms to the senasanaya

භාවනායෝගී පිණ්ඩපාතික පිංවත් ස්වාමීන් වහන්සේලාට මාසිකව හෝ වාර්ෂිකව දානය දීමට අවස්ථාව පවතී

Special program for Nirvana

සිළුමිණි සෑයේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේ විසින් මෙහෙය වනු ලබන විඩීයෝ සහිත නිවන් මග මුල මැද අග

From us to you

සේනාසනය මගින් පිංවත් ඔබට ලබාගත හැකි සේවාවන් ගැන දැනුවත් වීමට