Silumina Seya

Silumina Seya is a significant, ruined ancient Buddhist monastery and stupa in Aralaganwila, Polonnaruwa District, Sri Lanka.

සිළුමිණි සෑය භාවනා වන සෙනසුන

දානයක් සදහා පැමිණෙනවා නම්

කුටි/ ධර්මශාලාව/ විදුලිය/ජලය/ මුලුතැන්ගෙය/ වැසිකිලි ආදී පොදු පහසුකම් පවතී. ගෑස් හා පිහි හැදි රැගෙන එන්නග අනිත් සියල්ල පවති.

කුටි/ ධර්මශාලාව/ විදුලිය/ජලය/ මුලුතැන්ගෙය/ වැසිකිලි ආදී පොදු පහසුකම් පවතී

කුටි/ ධර්මශාලාව/ විදුලිය/ජලය/ මුලුතැන්ගෙය/ වැසිකිලි ආදී පොදු පහසුකම් පවතී

පොදු පහසුකම්

කුටි/ ධර්මශාලාව/ විදුලිය/ජලය/ මුලුතැන්ගෙය/ වැසිකිලි ආදී පොදු පහසුකම් පවතී

සේනාසනය දක්වාම පාරවල් හොද මට්ටමට සකසා ඇති අතර විශාල බස් රථයකට වුවත් පැමිණිය හැකිය.

පිළිවෙළ/ පිරිසිදු කම/ වෙලාවට වැඩ කිරීම ගැන සැලකිලිමත් වන්න.

Giving alms to the senasanaya

භාවනායෝගී පිණ්ඩපාතික පිංවත් ස්වාමීන් වහන්සේලාට මාසිකව හෝ වාර්ෂිකව දානය දීමට අවස්ථාව පවතී

Special program for Nirvana

සිළුමිණි සෑයේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේ විසින් මෙහෙය වනු ලබන විඩීයෝ සහිත නිවන් මග මුල මැද අග

From us to you

සේනාසනය මගින් පිංවත් ඔබට ලබාගත හැකි සේවාවන් ගැන දැනුවත් වීමට

🌿

භාවනා වැඩසටහන් කරන සිළුමිණි සෑය මෙතරම් සුවිශේෂී ඇයි ?. .

#. දන් දෙන්නේ ඇයි?. නිවන් දකින්න. සිල් රකින්නේ ඇයි?. නිවන් දකින්න. භාවනා කරන්නේ ඇයි?. නිවන් දකින්න. ඒත් ඒ නිවන කියන්නේ මොකක් ද, කොයි වගේ දෙයක් ද කියලා දන්නේ නැතුවම හැමෝම මැරිලා යනවා නේද?. මෙතන ඒක ගැන කියලා දෙන තැනක් විතරක්ම නෙවෙයි. ඒක අවබෝධ කර ගැනීමට උපකාර කරන තැනක් වීම.

#. ධර්මය අවබෝධ වන තාක් කල් ඔබ දන්නා බුදු දහම නොදුටු දහමක්මයි. එකී නොදුටු දහම දුටු දහම බවට ප්‍රත්‍යක්ෂ කරන තැනක් වීම.

#. පර්‍යංක භාවනා, සක්මන් භාවනා කියා දෙන තැනකට වඩා කරන තැනක් වීම.

#. අතීත විපාකයන් දකිමින් අනාගතයට නව කර්ම විපාකයන් සකස් නොවන අයුරින් වර්තමානය තුළ සිත පිහිටුවා ගන්නා ක්‍රමය කියා දෙන තැනක් වීම.

#. භාවනා කරන අයට නීති රීති කිසිවක් නොමැති නිදහස් තැනක් වීම.

#. භාවනාවටම සුදුසු රමණීය පරිසරයක් හිමි ස්ථානයක් වීම.

#. අවශ්‍ය වෙලාවට උණු වතුර, දානය, ගිලන් පස, කැද, ආදිය ලැබෙන තැනක් වීම.

#. රාත්‍රී කාලයේ විදුලිය, ආරක්ෂාව, නවාතැන් පහසුකම් පවතින තැනක් වීම.

#. අසනීප, විවිද අවශ්‍යතා , කුමක්දැයි සොයා බලමින් සියල්ල සංවිදානය කර ස්වාදීනව උපකාර කරන උපස්ථායිකයින් සිටින තැනක් වීම.

#. ඔබෙන් යම් කිසි දෙයක් පිළිබද පූර්වයෙන් හා වැඩසටහනින් පසුව ද බලාපොරොත්තු නොවන තැනක් වීම. (ආධ්‍යාත්මික දියුණුව හැර)

#. කිසිදු මෙහෙයවන්නන් , අණ ලබා දෙන්නන්, නායකයින් කණ්ඩායමේ නොමැති බැවින් සිය අභිමතය පරිදි ස්වාමින් වහන්සේ කියා දෙන කමටහන් වැඩීමට පහසු තැනක් වීම.

#.අවශ්‍ය ඕනෑම ගැටලුවක් ඕනෑම මොහොතක අසා විමසා හිතේ ගැටලු නිදහස් කර ගත හැකි තැනක් වීම.ෙ
#. දන් දෙන අයට දන් දෙන්නටත්, සිල් රකින අයට සිල් රැකීමටත්, භාවනා කරන අයට භාවනා කිරීමටත්, උපස්ථානය කරන අයට එය කිරීමටත්, ධර්ම සාකච්ඡා, වන්දනා, පිරිත්, සත්‍යක්‍රියාවන් ආදී බොහෝ දෑ සිදු කර ගත හැකි තැනක් වීම.

#. පිංවත් ඔබේ සිතැඟි පරිදි ස්වාමීන් වහන්සේලා උදෙසා දානය, චෛත්‍යය  රාජයාණන් වහන්සේ උදෙසා සහ සිව් බුදු රජාණන් වහන්සේලා උදෙසා විලද මී පිඩු සමගින් කිරි ආහාර පූජාවන්, විශේෂ ආසිර්වාදාත්මක පුජාව ඇතුළු බෝහෝ දෑ නිදහසේ කර ගත හැකි වීම.

දන්දෙන්න සිල් රකින්න භාවනා කරන්න පිංවත් ඔබත් පැමිණෙන්න.